FAST NEWS

24×7 Around the Globe

අර්ජුන රණතුංග මහතාට වරායේ ක්‍රිකට් ගැසීමට ඉඩ නෑ – පොදු සේවක සංගමය

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සන්නිවේදන හා මහජන සම්බන්ධතා අංශ ප්‍රධානී කාර්යාලය සීල් තැබීමට ගත් පියවරට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත්, වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට වරායේ ක්‍රිකට් ගැසීමට ඉඩ නොදෙන  බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සමස්ත ලංකා පොදු සේවක සංගමයේ සභාපති චන්ද්‍රසිරි මහගමගේ මහතා පැවසීය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය විසින් මෙම සීල් තැබීම ඊයේ (05දා) සවස සිදුකර තිබෙන බවත්, මූල්‍ය අක්‍රමිකතාවක් ඒ සඳහා හේතු ලෙස දන්වා ඇති බවද ඔහු පැවසීය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සන්නිවේදන හා මහජන සම්බන්ධතා අංශ ප්‍රධානී ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ සභාපති වීම මෙන්ම පසුගියදා පැවති ක්‍රිකට් නිලවරණයේදී සිදුවූ කුමක් හෝ සිදුවීමක් පදනම් කරගෙන මෙම සීල් තැබීම සිදුකරන්නට ඇති බවට විශ්වාස කරන බවත් ඔහු පැවසීය.

වරායේ මෙහෙයුම් ධාරිතාව ශීඝ්‍ර ලෙස පහළ වැටී තිබෙන අවස්ථාවක එයට පිළියම් නොගෙන ක්‍රිකට් ප්‍රශ්නයක් ඉදිරියට දමා කටයුතු කිරීමට තම සංගමය විරුද්ධ බවද ඔහු පැවසීය.