අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පාර්ලිමේන්තුව ‘ව්‍යවස්ථාදායක සභාවක්’ බවට පත් කිරීමට බලයක් පාර්ලිමේන්තුවට නොමැති බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.
එම එකමුතුවේ සම සංවිධායක පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් අද (05) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ පැවති මහ මැතිවරණයෙන් පරාජයට පත්වූවන් පාර්ලිමේන්තුවේ සිටින නිසාත්, ඒ සියල්ලන්ම ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කිරීමට ඉඩ ඇති නිසාත්, ඔවුන්ට බලයක් ජනතාව විසින් පවරා නොමැති නිසාත් මෙලෙස බලයක් නොමැති බවයි.
විජාතික බලවේගවල අවශ්‍යතාවන් අනුව රට කැබලි කිරීමේ, රට විනාශ කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන මෙම ආණ්ඩුව ‘දේශද්‍රෝහි’ආණ්ඩුවක් බවත්, එවන් දේශද්‍රෝහී ආණ්ඩුවකට අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට කිසිදු අයිතියක් නොමැති බව උන්වහන්සේ අවධාරණය කළේය.
මේ ආණ්ඩුව බලයට පත්වූදා සිට කළ කිසිවක් නොමැති අතර කර ඇත්තේ ජාතික ආරක්ෂාව හෑල්ලුවට ලක්කිරීම පමණකැයි නාලක හිමියන් සඳහන් කළේය.








