FAST NEWS

24×7 Around the Globe

අධිකරණය මොහොමඩ් සිද්ධික්ගේ බිරිදට අයත් සමාගමක වාර්තාවක් ඉල්ලයි.

මත් කුඩු ජාවාරම්කරුවෙකු ලෙස සැළකෙන මොහොමඩ් සිද්ධික් සහ ඔහුගේ බිරිදට අයත් බව කියන සමාගමක් ආදායම් බදු ගෙවීම සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දේශීය අදායම් දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

මේ අතර මොහොමඩ් සිද්ධික්ගේ රක්‍ෂණ භාරය දීර්ඝ කිරීම සදහා වැලිකඩ බන්ධනාගාරයට ඉදිරිපත් කරන ලෙසද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

සැකකරු සම්බන්ධයෙන් කරන පරීක්‍ෂණ අවසන් කර නැති බවයි රහස් පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත.