මෑතදී සිදුකෙරුණු බදු සංශෝධන හේතුවෙන් වාහන ලියාපදිංචිය කැපීපෙනෙන ලෙස අඩු වී තිබේ. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී මෝටර් රථ දහදහස් අටසිය අනූ හතරක් ලියාපදිංචි වී ඇති අතර දෙසැම්බර් මාසයේ ලියාපදිංචි වී ඇත්තේ මෝටර් රථ අටදහස් අසූ නවයක් පමණි.
නොවැම්බර් මාසය වනවිට ලියාපදිංචි කර ඇති ත‍්‍රීරෝද රථ සංඛ්‍යාව දහතුන් දහස් දෙසීය අටකි. දෙසැම්බර් මාසයේදී එය එකොළොස්දහස් පනස් තුනක් දක්වා අඩු වී තිබේ. ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදී ලියාපදිංචි කරන ලද බස් රථ සංඛ්‍යාව 316ක්. එහෙත් දෙසැම්බර් මාසයේ ලියාපදිංචි කර ඇත්තේ බස් රථ 289ක් පමණි.
මෙම නව බදු සංශෝධන හේතුවෙන් වාහන ආනයනය සහ ලියාපදිංචිය ඉදිරියේදී තවත් අඩුවනු ඇතැයි ද විශ්වාස කෙරේ.





