FAST NEWS

24×7 Around the Globe

ප්‍රවීණ රංගන ශීල්පිණි සෝමලතා සුභසිංහ(79) මහත්මිය අභාවපාප්‍රප්ත වේ

ප්‍රවීණ නාට්‍ය ශිල්පිනියක හා රංගන ශිල්පිණියකවූ සෝමලතා සුබසිංහ මහත්මිය අද (30) පෙරවරුවේ අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ආරංචි කියයි.මිය යන විට ඇය 79 වැනි වියේ පසුවූවාය.ඇය පසුගිය දිනවල කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියාය.

වේදිකා නාට්‍ය රචිකාවියක්, අධ්‍යක්ෂකවරියක් හා නාට්‍ය ගුරුවරියක්ද වන ඇය ළමයින් වෙනුවෙන් විශාල නාට්‍ය ප්‍රමාණයක් නිර්මාණය කර ඇත.

මහාාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘එලොව ගිහින් මෙලොව ආවා‘ නාට්‍යයේ රගපෑමෙන් ඇය ජනප්‍රියත්වයට පත්වූ අතර රත්තරන්, මූදු පුත්තු, නරිබෑණා වැනි නාට්‍ය තුළින් ඇය රංගන කෞෂල්‍යයන් විදහා පෑමට සමත් වූවාය.

ළමා මනසට ගැලපෙන අපූරු නිර්මාණ බිහි කළ ඇය හිම කුමාරි, ගමරාළ දිව්‍ය ලෝකේ ගිය හැටි, වලස් පවුල, පුංචි අපට දැන් තේරෙයි වැනි නාට්‍ය නිර්මාණය කර සම්මානයටද පාත්‍ර වූවාය.