FAST NEWS

24×7 Around the Globe

පාකිස්තාන අග‍්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් ජනපති හමුවෙයි.

නිල සංචාරයක් සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්තාන අග‍්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මහතා අද (05) ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවිය .

මෙම හමුවෙන් පසු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පිළිගන්වන දිවා භෝජනයක් සඳහා ද නවාස් ෂරීෆ් මහතා සහභාගි වීමට නියමිතය.

පාකිස්තාන අග‍්‍රාමාත්‍යවරයා සමග 8 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ද ඊයේ (05) ශ‍්‍රී ලංකාවට පැමිණියහ.

මෙම සංචාරයේදී දෙරට අතර ද්විපාර්ශ්වික ගිවිසුම් කිහිපයක් ද අත්සන් තැබීමට නියමිතය.