FAST NEWS

24×7 Around the Globe

කොළඹ – මීගමුව ප‍්‍රධාන මාර්ගයේ පිපිරීමක්.

අද (04) කොළඹ – මීගමුව ප‍්‍රධාන මාර්ගයේ කුරණ ප‍්‍රදේශයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සදහන් කරන්නේ මෙසේ පුපුරා ඇත්තේ අත් බෝම්බයක් බවයි.

මෙම පිපිරීමෙන් වාහන අලෙවිසැලක ගාල් කර තිබූ මෝටර් රථ දෙකකට සහ ධාවනය වෙමින් තිබූ වෑන් රථයකට ද අලාභ සිදුවී ඇති බව වාර්තා වේ.

මීගමුව පොලීසිය මේ පිළිබදව වැඩිදුර විමර්ශන කටයුතු පවත්වයි.