ඉරානය සමග ඇති සියලු රාජතාන්ත්‍රික සබඳතා අත්හැර දැමූ බවට සෞදි අරාබි විදේශ කටයුතු අමාත්‍යවරයා නිවේදනය කර තිබේ.
සෞදි විදේශ කටයුතු අමාත්‍ය අඩෙල් අල් ජුබියර් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, සෞදි අරාබියේ සිටින ඉරාන රාජතාන්ත්‍රිකයින් සියලු දෙනාට පැය 48ක් තුළ සෞදි අරාබියෙන් ඉවත් වන ලෙස නියෝග කර ඇති බව ය.
ඉරාන විරෝධතාකරුවන් සෞදි අරාබියේ රාජත්‍රාන්ත්‍රික සබඳතා පළුදු කිරීමට ඉවහල් වූ බව ඔහු සඳහන් කර තිබේ.
ඒ, ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි සෞදි අරාබි තානාපති කාර්යාලයට ප්‍රහාර එල්ල කිරීම ඇතුළු කාරණා කිහිපයක් හේතුවෙනි.
2011 වසරේ අරාබි වසන්තය නමැති විප්ලවීය නැගිටීමට සම්බන්ධ ප්‍රධාන පෙළේ ෂියා නිකායික පූජකවරයෙකු ද ඇතුළුව සිරකරුවන් 47 දෙනෙකු සෞදි රජය ඉකුත් සෙනසුරාදා එල්ලා මරා දැමීමෙන් අනතුරුව ඊට එරෙහිව ලොව රටවල් කිහිපයක විරෝධතා ආරම්භ විය.
කෙසේ වෙතත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ප්‍රකාශ කරන්නේ, පසුගිය වසරේදී ද සෞදි අරාබිය විවිධ අපරාධවලට වරදකරුවන් වූ 157 දෙනෙකු මරා දැමූ බවයි.








