FAST NEWS

24×7 Around the Globe

පසුගිය කාලයේ දේශපාලනය පිරිහුණේ පළාත් පාලන නායකයන් නිසා – ජනපති.

පසුගිය කාලයේ මේ රටේ දේශපාලනයේ පිරිහීම පටන් ගැනුණේ පළාත් පාලන නායකයන්ගේ හැසිරීම නිසා බවත් ඔවුන්ගේ ක්‍රියා කාලපයන්ගේ ප්‍රතිඵලයක්‌ ලෙස පසුගිය ආණ්‌ඩුව අප්‍රසාදයට පත්වී ආණ්‌ඩුව වෙනස්‌වීම දක්‌වා යැමට ප්‍රධාන හේතුවක්‌ වූ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

පසුගිය අවුරුදු කිහිපය තුළදී ඇති වෙච්ච දූෂණ, වංචා මුදල් අක්‍රමිකතා, මත්කුඩු ජාවාරම්, ස්‌ත්‍රී දූෂණ ළමා අපචාර සම්බන්ධයෙන් බොහෝ දුරට චෝදනා එල්ල වුණේ පළාත් පාලන ප්‍රධානීන්ට බව ඔහු වැඩිදුරත් පවසා සිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ අදහස්‌ පළ කළේ ගොතටුව නව නගරයේ ඉදි කරන ලද කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ගොඩනැඟිල්ල විවෘත කළ අවස්‌ථාවේ, එම අවස්‌ථාවට පැමිණි සිටි පිරිස අමතමිණි.