FAST NEWS

24×7 Around the Globe

විල්පත්තු ඉඩම් බෙදීමේ දී වරදක් සිදුව නැති බව ඇමති රාජිත පවසයි

එල්ටීටීඊ තර්ජන හේතුවෙන් ගම්බිම් හැර ගිය ජනතාව නැවත පදිංචිකරවීම රජයේ වගකීමක් බවත් එහිදී ඔවුන් සිංහල ද, දෙමළ ද, මුස්ලිම් ද යන්න අදාළ නොවන බවත්

ඒ සඳහා විල්පත්තු අභය භූමියේ රක්ෂිතවල (රිසිවේෂන්) මායිම් වෙනස් කිරීම වරදක් ලෙස සැලකිය නොහැකි බවත් එසේ නොකොට ජනතාව පලවා හැර භූමියේ රිසිවේෂන් ආරක්ෂා කරන ප‍්‍රතිපත්තියක් රජය අනුගමනය නොකරන බවත් ඇමැතිවරයා අවධාරණය කරයි.

ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී රාජිත සේනාරත්න ඇමැතිවරයා මේ බව පැවසුවේ මාධ්‍යවේදියෙකු නැඟූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

විල්පත්තුව ගැන විවිධ මත තිබෙන නමුත් එහි නැවත පදිංචි කිරීම් සඳහා ඉඩම් ලබාදීම සිදුව ඇත්තේ පිළිගත හැකි ආකාරයට බවත්, ජනාධිපති කාර්ය සාධක බලකායක් මඟින් ලකුණු කරන ලද රිසිවේෂන් සීමා මායිම් ජනතාවගේ අවශ්‍යතාව සලකා වෙනස් කිරීම ගැටලුවක් නොවන බවත්, තමන් ද ඉඩම් ඇමැතිවරයා ලෙස සිටිය දී නුවර එළියේ ඉඩම් බෙදාදීමකදී ද මේ ආකාරයෙන් කටයුතු කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසුවේ ය.