බස්නාහිර පළාත් සභාවේ ජාතික හෙළ උරුමය නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනා ඉදිරියේදී ස්වාධීනව කටයුතු කරන බව පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමැති නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසීය.
තෙබුවන පියනන්ද හිමියෝ, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා මෙන්ම නිරෝෂා අතුකෝරළ මහත්මිය බස්නාහිර පළාත් සභාව නියෝජනය කරමින් මන්ත්‍රීධූර හොබවති.
බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමා රක්ෂක, කාන්තා සහ සභා කටයුතු අමාත්‍යාංශයේ පරාජයට පත්වූ වැය ශීර්ෂය කිසිඳු සංශෝධනයකින් තොරවීම සම්මත වීමෙන් පැහැදිලි වන්නේ තමා ඉදිරිපත් කළ වැය ශීර්ෂයේ වරදක් නොමැති බව යැයි ද නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසීය.







