FAST NEWS

24×7 Around the Globe

ඩුබායිහි මහා පරිමාණ හෝටලයක ගින්නක්.

ලොව උසම ගොඩනැගිල්ල වන ඩුබායිහි Burj Khalifa ගොඩනැගිල්ල අසළ මහා පරිමාණ හෝටලයක ගින්නක් හටගෙන තිබේ.

මෙම ගින්න අඩි 300ක් උසට පැතිර ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගින්න ක්ෂණිකව මැඩ පැවැත්වීමට බලධාරීන් කටයුතු කර ඇති වුවද, සිද්ධියෙන් 16 දෙනෙකු පමණ සුළු තුවාල ලබා ඇති බව බී.බී.සී පුවත් සේවය පවසයි.

ඩුබායි රජය නිල වශයෙන් සඳහන් කර ඇත්තේ 14 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව හා එක් අයෙකුට හදිසි තත්ත්වය හේතුවෙන් හෘදයාබාදයක් හටගෙන ඇති බවයි.

පැරණි වසරක නිමාව හා නව වසරක උදාව සැමරීම සඳහා දහස් ගණනින් මෙම හෝටලය වෙන්කරගෙන සිටි බව හා පොප් ගායිකා අනිතා විලියම්ස් ගින්න ආරම්භ වන අවස්ථාවේ එහි ගීත ගායනා කරමින් සිටි බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.