1947/21 දරණ අංකය යටතේ පළාත් පාලන ආයතන 23 ක කාලය දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය අද නිකුත් කෙරිණ.
ඒ අනුව කොළඹ , දෙහිවල ගල්කිස්ස, ශ්රී ජයවර්ධනපුර කොට්ටේ, මොරටුව, ගම්පහ, මීගමුව, කුරුණෑගල, මහනුවර, නුවරඑළිය, බදුල්ල, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, අනුරාධපුර සහ කල්මුණේ යන මහනගර සභා මෙලෙස කාලය දීර්ඝ කෙරුණු පළාත් පාලන ආයතන කිහිපයක්.
මේ අතර කොලොන්නාව නගර සභාවේ සහ කොටිකාවත්ත මුල්ලේරියාව, කුණ්ඩසාලේ, කඩවත්සතර හා ගඟවට කෝරලේ, මාතලේ, හම්බන්තොට සහ සූරියවැව යන ප්රාදේශීය සභාවලද කාලය දීර්ඝ කර ඇතැයි සදහන්.
මෙම සියලු පළාත් පාලන ආයතවල නිල කාලය අවසන්වීමට නියමිතව තිබුණේ අද (31) දිනයේයි.
ඒවායේ කාලය ලබන ජුනි 30 වනදා දක්වා දීර්ඝ කරන බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙයි








