FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමති ජොනීට බිරිය නිසා විදේශගත වීමට අධීකරණයෙන් අවසර හිමී වෙයි.

වත්කම් හා බැරකම් ප්‍රකාශ නිසි පරිදි ඉදිරිපත් නොකළ බවට චෝදනා ලැබ නඩු පවරා සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට සිය බිරිඳගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස්ගතවීමට අවසර ලබා දී තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ජනවාරි මස 04 වැනි දා සිට 07 වැනි දා දක්වා ඔහුට විදෙස් ගතවීම සඳහා එලෙස අවසර ලබා දී ඇත.

නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරු ව ජනවාරි මස 11 වැනි දා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණෙන ලෙස ද නියෝග කර තිබේ.

2012 – 2015 කාලයේ වත්කම් හා බැරකම් ප්‍රකාශ නිසි පරිදි ඉදිරිපත් නොකළ බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව නඩු 05ක් ගොනු කර තිබේ.