දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඊයේ (30) දහවල් විපක්ෂ නායක කාර්යාලයේ දී අදාළ සාකච්ඡාව පැවති බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළේය.
දෙමළ ජාතික සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා ඇතුළු පිරිසක් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක රවුෆ් හකීම් මහතා ඇතුළු පිරිසක් අදාළ සාකච්ඡාව සඳහා එක්ව ඇත.
මෙහිදි යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස දෙපාර්ශවය අතර කරුණු සාකච්ඡා වු බව වාර්තා වේ.
නව ව්‍යවස්ථාව තුළින් දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ ඉල්ලීම් නිසිලෙස ඉටු කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා වී ඇත.
කෙසේවෙතත් පැවති මෙම සාකච්ඡාවේ දී මූලික කරුණු සාකච්ඡා වී ඇති අතර ඉදිරියේ දී යළිත් දෙපාර්ශවය අතර සාකච්ඡාවක් පැවැත්වීමට එකඟතාවයකට පැමිණ ඇති බව සඳහන්ය.








