ප්‍රවීණ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ නඩුව, ඇතුළු නඩු විභාග ගණනාවක අධිකරණමය කටයුතු ලබන ජනවාරි මාසයේදී ආරම්භ කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය. ඔහු එසේ ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පෙරේදා (29දා) පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.
එහිදී ඔහු මෙසේද කීය.
මේ දේවල්වල පරීක්ෂණ ඉවර වෙලා අධිකරණ ක්‍රියාමාර්ග යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට දැන් සියල්ල සූදානම්. ඒ නිසයි ඔවුන් එක එක කලබල කරන්න හදන්නේ. මේවා මෙහෙයවන විදිය, ප්‍රධානීන් කවුද කියන දේ අපිට වාර්තා වෙලා තියෙනවා. තාජුඩීන්ගේ නඩුවේ පරීක්ෂණ දැන් සම්පූර්ණයෙන් ඉවරයි. එහි සඳහන් ඩිෆෙන්ඩර් රථය කාගෙද, තිස්ස කියන්නේ කවුද, කාගේ රියැදුරුද කියලා හැමෝම දන්නවා. මේ ගැන රාජපක්ෂ පවුලටම චෝදනා එල්ල වෙනවා යැයි සේනාරත්න මහතා කීය.








