තම පානීය ජල ගැටලූවලට ඉදිරි සති දෙක ඇතුළත විසඳුම් නොලැබුණහොත් වැලිවේරිය පොලිසිය ඉදිරිපිට යළි විරෝධතා ආරම්භ කරන බව රතුපස්වල පරිසරය සුරැකීමේ ඒකාබද්ධ සංවිධානය පවසනවා.
කොළඹ අද (30)පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන සංවිධායක සුරේෂ් පෙරේරා කියා සිටියේ මේ වනතෙක් තම පානීය ජල ගැටලූවලට විසඳුම් ලබා ගැනීමට රජය අපොහොසත් වී ඇති බවයි.








