FAST NEWS

24×7 Around the Globe

සංගාගේ හා මහේලගේ ලයිව් ඉවෙන්ට්ස් අසාදුගත කරයි.

කොළඹ නගර සභාවට අයවිය යුතු බදු වලින් රුපියල් මිලියන 29ක් ගෙවීම පැහැරහැරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයන් දෙපළක් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන කොටස්කාරිත්වය දරණ ලයිව් ඉවෙන්ට්ස් ආයතනයට මින් ඉදිරියට කොළඹ නගර සභා සීමාව තුළ කිසිදු කටයුත්තක් කිරීමට අවස්ථාව නොදෙන බව කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසල්මිල් මහතා අද (30දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

නගරසභාවට අයවිය යුතු බඳු සතියකින් ගෙවීමට දන්වා තිබෙන බවත් එසේ නොගන්නේ නම් ආයතයට එරෙහිව මසක් ඇතුළත නඩු පවරන බවත් නගරාධිපතිවරයා පැවැසීය.

එසේම එම ආයතය අසාඳු ගත කිරීමටත් කටයුතු කරන බව නගරාධිපතිවරයා පැවැසීය. ආයතනය නගර සභාවට පැවැසූ ප්‍රමාණයට වඩා වැඩිපුර ප්‍රවේශපත්‍ අලෙවිකර ඇති බවත් සංවිධායකයන් එය පිළිගෙන තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
්‍