FAST NEWS

24×7 Around the Globe

ජවිපෙ පළාත් පාලන මැතිවරණය ගැන දැඩි තීරණයක.

පැරණි  මැතිවරණ ක්‍රමය යටතේ  හෝ නියමිත පරිදි මාර්තු  මාසයේ දී  පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව ජනතා  විමුක්ති පෙරමුණේ  ප්‍රධාන ලේකම් ටිල්වින්  සිල්වා  මහතා  ප්‍රකාශ කළේය.

නව මැතිවරණ ක්‍රමය යටතේ  පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මාසයේ දී පැවැත්විය නොහැකි  නම් පැරණි  මැතිවරණ ක්‍රමයට  හෝ  මැතිවරණය පැවැත්විය යුතු බව ඔහු  පැවසීය.

දිගින්  දිගටම පළාත් ආයතනවල නිල කාලය දිර්ඝ කරමින්  පළාත් පාලන මැතිවරණය ප්‍රමාද කිරිම ප්‍රජාතන්ත්‍ර විරෝධි  යැයි කී ටිල්වින්  සිල්වා  මහතා ආණ්ඩුවේ  මෙම තීරණයට  ජනතා විමුක්ති පෙරමුණ තම විරෝධය පළ කරන්නේ යැයි සඳහන් කළේය.