FAST NEWS

24×7 Around the Globe

රග්බි ක‍්‍රීඩක තජුඩීන්ගේ මරණය ඝාතනයක් බව හෙළිවේ

හදිසි අනතුරකින් මියගිය බව කියන රග්බි ක‍්‍රීඩක වාසිම් තජුඩීන් ගේ මරණය ඝාතනයක් බව රහස් පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇතැයි මහජන සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

ඒ පිළිබඳව මෙන්ම, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නඩරාජා රවීරාජ්ගේ ඝාතනය ද කාගේ උවමනාවට සිදුකළේ ද යන්න පිළිබඳව සොයා බලන බව කොළඹ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේය.