FAST NEWS

24×7 Around the Globe

වසා දමා තිබූ රත්නපුර- ඇඹිලිපිටිය මාර්ගය යළි විවෘත කරයි

2012 වසරේ කොටකෙතනදී සිදු වූ ද්විත්ව ඝාතනයක සැකකරුවන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් ඊයේ විරෝධතාවක නිරත වූහ.

ඒ හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට වසා දමා තිබූ රත්නපුර- ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගය අද අළුයම යළි විවෘත කෙරුණ.

පොලීසිය හා විරෝධතාකරුවන් අතර ඇති වූ නොසන්සුතාවක් හේතුවෙන් මාර්ගය වසා දැමූ අතර ඊයේ මධ්‍යම රාත්‍රිය වෙන තෙක් ප්‍රදේශයේ පුද්ගලයින් එම මාර්ගයේ රැඳී සිටි බව අප වාර්තාකරු පැවසූහ.

රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගය කොටකෙතන මංසන්ධියෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වූයේ ඊයේ පස්වරුවේ සිට ය.

කෙසේවෙතත් විරෝධතාව පාලනය කිරීමට පොලීසිය කිහිපවරක්ම උත්සාහ කර ඇති අතර එහිදී විරෝධතාකරුවන් පොලීසිය දෙසට ගල් ප්‍රහාර එල්ල කර තිබේ .

අනතුරුව ඇති වූ තත්ත්වය පාලනය කිරීම සඳහා ජල ප්‍රහාරයක් එල්ල කිරීමට පොලිසියට සිදුවිය .

ඊයේ මධ්‍යම රාත්‍රිය වෙන තෙක් විරෝධතාකරුවන් මාර්ගයේ රැඳී සිටි අයුරු දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළහ.