මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ යන නායකයන් දෙදෙනාගේ අදහස් හා සිතුම් පැතුම් පරස්‌පර බවත් ඔවුන් දෙදෙනාටම අවශ්‍ය වී තිබුණේ තමාව පරාජය කිරීමට බවත් හිටපු ජනාධිපති කුරුණෑගල දිස්‌ත්‍රික් එක්‌සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‌ෂ මහතා පැවැසීය.
පසුගිය 27 වැනිදා අකුරැස්‌ස ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක් විවෘත කිරීමේ උත්සවයකදී මේ බව සඳහන් කළ රාජපක්‌ෂ මහතා තවදුරටත් මෙසේද කීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂය කියන්නේ අපේ පක්‌ෂයක්. ඒක කාටවත් දෙන්න බෑ. මම හැමදාම කියනව වගේ නායකයන් දෙන්නෙකුට රට කරන්න බෑ. එක්‌කෝ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා රට කරන්න ඕනෑ. එක්‌කෝ රනිල් වික්‍රමසිංහ මහත්තයා රට කරන්න ඕනෑ.
දෙන්නෙක් දෙපැත්තට අදින කොට ආණ්‌ඩුවක් කරන්න රටක් පාලනය කරන්න අමාරුයි. දෙන්නගෙ සිතුම් පැතුම් වෙනස්. මතවාද වෙනස්. එක මතයකට එන්න අමාරුයි. ඔවුන්ට ඕන වුණේ මාව පරාජය කරන්න විතරයි. අනිත් හැම එකම වෙනස්. මාව පරාජය කිරීම තමයි ඒ අය එකම සාධකය කරගෙන ඉන්නේ. මේ විදියට රටක් කරන්න බැහැ.







