ඉලංගෙයි තමිල් අරසු කචිචි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතාටද දෙමළ ජනතා සභාව වෙත එක්වන ලෙසට ආරාධනා කරන බවට ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේෂ් පේ‍්‍රමචන්ද්‍ර මහතා පවසයි.
උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් යාපනය පුස්තලකාල ශ‍්‍රවණාගාරයේදි පැවති දෙමළ ජනතා සභාව නමැති සංවිධානයේ දෙවැනි සාකච්ජාවට එක්වෙමින් පේ‍්‍රමචන්ද්‍ර මහතා මාධ්‍යට මෙලෙස සඳහන් කළේය.
දෙමළ ජනතාවගේ ගැටළු සඳහා විසදුම් සෙවීමට ආරම්භ කළ ‘දෙමළ ජනතා සභාව‘ නමැති සංවිධානය වෙත දෙමළ ජනතාව නියෝජනය කරන සියලු පක්ෂ සාමාජිකයින් වෙත එක්වීමට හැකි බවත්, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා අදාළ කමිටුව වෙත එක්වීමට කැමති නම් තම කමිටුව වෙත සේනාධිරාජා මහතා එක්කර ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
පේ‍්‍රමචන්ද්‍ර මහතා වැඩිදුරටත් පැවසූවේ දෙමළ ජනතා සභාව වෙත එක්වන ලෙසට සියලු දෙමළ දේශපාලන නායකයින් වෙත ආරාධනා කරන අතර, අදාළ කමිටුවේ උප කමිටු සඳහා සියලු දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් සහභාගි කරවා ගැනීම තුළින් දෙමළ ජනතාවගේ ගැටලු සඳහා විසදුම් ලබා ගැනීම පහසු බවයි.
මේ අතර ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා සඳහන් කළේ උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කළ දෙමළ මහජන කමිටුව වෙත ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය කෙදිනක හෝ එකතු නොවන බවයි.







