තමන්ට අපහාස කිරීමට එරෙහිව රුපියල් මිලියන 500 ක මුදලක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නඩු පවරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසීය.
කොළඹ අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේ තරුණයෙකු පැහැර ගෙන පහරදී තර්ජනය කිරීමේ සිද්ධියට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය තවමත් අත්අඩංගුවට නොගැනීම පිළිබඳව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.







