FAST NEWS

24×7 Around the Globe

පාකිස්තාන අගමැති ලංකාවට.

පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාෂ් ශරීෆ් මහතා ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහි දී දෙපාර්ශවය අතර ගිවිසුම් 10 ක් අත්සන් කිරීමට නියමිත බවත් මුදල් විශුද්ධීකරණය හා ත්‍රස්තවාදය සඳහා මුදල් එක් කිරීම වැළැක්වීම ඇතුළු ගිවිසුම් කිහිපයකටත් අත්සන් කිරීමට නියමිත බව වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපතිධුරයට පත්වීමෙන් පසුව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණෙන පළමු අවස්ථාව මෙයවන මීට පෙර ශ්‍රී ලංකාවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට එක්වීමට නවාස් ෂරීෆ් මහතා ශ්‍රී ලංකාවට පැමිණියේ ය.