FAST NEWS

24×7 Around the Globe

අසංවර සංගීත සංදර්ශන සංවිධායකයන්ට මඩු වලිගෙන් තැලිය යුතුයි – ජනපති

මෙරට සංස්‌කෘතිය, සභ්‍යත්වය, හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වා අසංවර සංගීත සංදර්ශන සංවිධායකයන්ට මඩු වලිගෙන් තැලිය යුතු බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අම්පාරේදී පැවසීය.

මින් ඉදිරියට එවැනි වැඩසටහන්වලට අනුමැතිය දීම වැළැක්‌වීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා එහිදී කියා තිබේ.

පැයකට පමණක්‌ සීමා වී තිබූ එම සංදර්ශනයේදී රුපියල් 30,000 ක්‌ 50,000 ක්‌ වැනි ටිකට්‌ මත අරක්‌කු, බියර්, විස්‌කි වර්ග පානය කර තරුණියන් තනපට ගලවා ගායකයාට දී ඇතැයි ද ජනාධිපතිවරයා පැවසීය. වේදිකාවට නැග ගායකයාව සිපගෙන ඇතැයි ද ජනාධිපතිවරයා එහිදී කියා ඇත.

මෙවැනි අශෝභන සංදර්ශන සංවිධානය කිරීමට යළි ඉඩ නොතබන බව ද ජනාධිපතිවරයා එහිදී කියා තිබේ.