FAST NEWS

24×7 Around the Globe

විල්පතුව ගැන ඇමති රීෂාඩ් හා ආනන්ද හිමීයන් අතර සංවාදයට දින නියම වෙයි.

විල්පත්තු ආශ්‍රිතව වන විනාශයක් සිදුවෙතැයි කියමීන් පසුගියදා පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් විසින් කර්මාන්ත හා වානිජ කටයුතු ආමත්‍ය රීෂාඩ් බදියුදීන් මහතා ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කර සිටියේය.

ආනන්ද  හිමීයන් සිදු කළ මෙම ප්‍රකාශයන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අභියෝගයට ලක් කරමීන්  සිය නිර්දොෂිභාවය සනාත කීරිමට සංවාදයකට වුවද පැමීණිමට හැකි බව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමීන් සඳහන් කර සිටියේය.

පසුව මෙම දෙපාර්ශවයම රූපවාහිනි සංවාදයකට අවස්ථාව ඉල්ලා සිටි අතර අවසානයේ ආනන්ද හිමියන්ගේ පාර්ශවය හා අමාත්‍යවරයාගේ පාර්ශවය  හිරු ටීවී හරහා මෙම සංවාදය පැවැත්වීමට එකඟ වී ඇත.

එ අනුව දෙසැම්බර් මස 28 වන සඳුදා දින රාත්‍රී 10ට හිරු ටිවී නාලිකාව ඔස්සේ  මෙම සංවාදය සජීවිව විකාශනය කීරීමට නියමීතය.