FAST NEWS

24×7 Around the Globe

පළමු එක්දින තරගයෙන් නවසීලන්තයට සුපිරි ජයක්.

ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය කඩුලූ 7කින් ජයගැනීමට නවසීලන්තය අද (26) සමත් විය.

මෙම තරගය නවසීලන්තයේ ක‍්‍රයිස්චර්ස් නුවර හැංග්ලේ  ඕවල්ඞ් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීණි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47කදී  සියලූදෙනා දැවී ලකුණු 188ක් ලබා ගැනීමට සමත්විය.

නවසීලන්ත ක‍්‍රීඩකයින් එම ලකුණු සංඛ්‍යාව පසුකර යාමට 21වන පන්දුවාරයේදී සමත් විය.

මෙහිදි මාර්ටින් ගප්ටිල් ලකුණු 79ක් ද බ්‍රෙන්ඩන් මැකලම් ලකුණු 55ක්ද ලබා ගත්හ.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ලකුණු 108 සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත් විය.

ලකුණු 49කට කඩුලූ 4ක් දවා ගනිමින් පන්දුවෙන් දක්ෂතා දැක්වූ මැට් හෙන්රි තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේය.