මෙවර අයවැය යෝජනා මගින් මෙතෙක් ලබා දුන් සහන පවා කප්පාදුවට ලක් කර ඇති බවත්, ඒ නිසාම වෘත්තීයවේදීන් ගේ සංවිධාන 19 ක එකතුවක් ලෙස ඒකාබද්ධව ආණ්ඩුවට බලපෑම් කරන්නට කටයුතු කරන බවදීප ව්‍යාප්ත සේවා විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි පවසයි.
ඒ අනුව විශ්‍රාම වැටුප කප්පාදු නොකිරීමත්, විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට මෙතෙක් ලබාදුන් තීරු බදු රහිත වාහන ගෙන්වීමේ බලපත්රව නැවත ලබාදිය යුතුවීමත්, සේවකයින්ගේ මූලික වැටුප් වැඩිකරන්නේනම් එය පිළිගත් අනුපාතයට අනුව කළ යුතුවීමත් සම්බන්ධයෙන් ඉල්ලීම් කරන බව කරුණාසිරි මහතා අවධාරණය කළේය.
කෙසේ වෙතත් මෙම ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාර නොදැක්වුවහොත් ලබන ජනවාරි 04 වන දින සිට දිවයින පුරා දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට යන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.







