FAST NEWS

24×7 Around the Globe

ඡන්ද හිමි නාමලේඛනය අද සිට ප්‍රදර්ශනයේ.

ඡන්ද හිමි නාමලේඛනයේ කෙටුම්පත අද (23)  සිට ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන තිබේ.

දෙසැම්බර් මස 28 වනදා දක්වා මෙම නාම ලේඛන පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර සිටියි.

එසේම ඡන්ද හිමි නාමලේඛනයේ කෙටුම්පත් සියලුම ග්‍රාම නිලධාරී කාර්යාලවල  ප්‍රදර්ශනය කිරීමට නියෝග කර ඇත.

ඡන්ද හිමි නාම ලේඛනයේ නම ඇතුළත්වී නැත්නම් දෙසැම්බර් 31 වනදාට පෙර මැතිවරණ කාර්යාල වලට දැනුම්දිය යුතු බව කොමිෂන් සභාව ප්‍රකාශ නිවේදනය කර සිටියි.