FAST NEWS

24×7 Around the Globe

දෙමළ ජාතික සන්ධාන දෙකඩ විමේ ප්‍රවණතාවක්.

පක්ෂ නායකත්වයේ අවසරයකින් තොරව දෙමළ ජාතික සන්ධානයේම පිරිසක් වෙනම පෙරමුණක් පිහිටුවීම අනුමත නොකරන බව එම පක්ෂයේ නායක හා විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා පැවසීය.

දෙමළ ජාතික සන්ධාන පාලනය යටතේ ඇති උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු පිරිසක් පිහිටැවූ දෙමළ ජනතා මණ්ඩලය නම් පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය දෙකඩ කිරීමට උත්සාහ කරන වෑයමක් බව ද ඔහු කීවේය.

කුමන ආකාරයේ බලපෑම් එල්ල වුවත් පක්ෂය දෙකඩ කිරීමට කිසි විටක ඉඩ නොතබන බව ද, පක්ෂයේ ගැටුම් පක්ෂ අභ්‍යන්තරයේම විසඳා ගන්නා බව ද සම්බන්ධන් මහතා පැවසීය.