FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනාධිපති මහින්ද වැලිකඩ බන්ධනාගාරට යයි .

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලට පැමිණියේය.

ඒ, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට අත්අඩංගුවට ගෙන රඳවා සිටින හමුදා සාමාජිකයන්ගේ සුව-දුක් බැලීම සඳහා බවයි වාර්තා වන්නේ.

එහිදී මාධ්‍ය වෙත ඔහු පැවසුවේ තමන් “දේශපාලන සිරකරුවන්” බැලීමට පැමිණි බවයි.

රාජපක්ෂ ආණ්ඩුව සමයේ ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළේ නැතැයි චෝදනාවක් පවතින බවට මාධ්‍යවේදීයෙක් එහිදි විමසා සිටියේය.

ප්‍රගීත්ගේ අතුරුදන් වීම ගැන තම පාලන සමයේ දීත් සොයා බැලූ බවත් , ඔහු සිටි ද මරා දමල ද තමන්ටත් ප්‍රශ්නයක් බවත් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

mahinda 2මහින්ද වැලිකඩට