FAST NEWS

24×7 Around the Globe

වර්ජන මැද අගමැති ලන්ඩන් යයි.

රනිල් වික්‍රමසිංහ අගමැති අද පස්වරු 1.05ට ශ්‍රී ලංකන් ගුවන් යානයකින් ලන්ඩනය බලා පිටත් විය.
මේ අතර බෝනස් ඉල්ලා ගුවන්තොට සේවකයෝ අද උදේ වර්ජනයක් ඇරැඹූහ.
රුපියල් හැට දහසක බෝනස් දීමනාවෙන් පසුගිය අප්‍රේල් මාසයේ 18000ක් ලැබිණි. ඉතිරි රුපියල් 42000 ඉල්ලා මේ උද්ඝෝෂණය පැවැත්වේ.
ගුවන්තොට පාලනාධිකාරිය ඔවුන්ට කියා ඇත්තේ රුපියල් 22000ක් ගෙවිය හැකි බවයි.
අද පස්වරු දෙකට පැවැත්වෙන සාකච්ඡාවේ දී මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට නියමිතය.