FAST NEWS

24×7 Around the Globe

ජනවාරි පළමු වන දා සිට බස් රථ තුළ සිඟමන් හා වෙළඳාම් බැ.

ජනවාරි පළමු වන දා සිට බස් රථ තුළ සිඟමන් යැදීම හා වෙළඳාම් කිරීම තහනම් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියේ, බස් රථ තුළ සිඟමනේ යෙදෙන්නන් හා වෙළදාම් කරන්නන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස ය.

ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, මෙවැනි පිරිස් නිසා තමන් දැඩි අපහසුතාවට පත්වන බවට බස් මගීන්ගෙන් පැමිණිලි ලැබී ඇති බව ය.

මෝටර් රථ ආඥා පනතට අනුව බස් රථ තුළ සිඟා කෑම සහ වෙළෙඳාම් කිරීම තහනම් වේ.