FAST NEWS

24×7 Around the Globe

පාරිභෝගිකයින් ආරක්ෂා කරගැනීමට රට පුරා හදිසි වැටලීම්.

උත්සව සමයේදී කූඨ වෙළෙඳුන්ගෙන් පාරිභෝගිකයින් ආරක්ෂා කරගැනීම සඳහා රට පුරා හදිසි වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි. නියමිත මිලට වඩා වැඩි මිල ගණන්වලට වෙළෙඳුපොළෙහි අදාළ ආහාර ද්‍රව්‍ය අලෙවි කෙරෙන වෙළෙදුන් මෙලෙස වැටලීමට ලක්කරන අතර එවැනි පැමිණිලි තිබේ නම් වහාම තමන් වෙත යොමු කරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය ඉල්ලා සිටියි. ඒ සඳහා 1977 හදිසි ඇමතුම් අංකය පැය 24 පුරා විවෘතව තැබෙනු ඇති.