FAST NEWS

24×7 Around the Globe

අගමැති ඉලක්ක කර ගුවන් තොටුපලේ උද්ඝෝෂණයක්.

වාර්ෂික ප්‍රසාද දීමනා සහ වැටුප් කප්පාදුවට එරෙහිව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම සේවකයෝ අද (22දා) කටුනායක ගුවන් තොටුපළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ. විදේශ සංචාරයක් සඳහා පැමිණීමට නියමිත අගමැති ඉලක්ක කර මෙම විරෝධතා ව්‍යාපාරයේ නිරත වූ බව ඔවුන් පවසා සිටියේය. මෙම විරෝධතාව මේවනවිට නවතා ඔවුන් ගුවන් තොටුපල බළධාරීන් සමඟ සාකච්ඡාවකට යොමුවී ඇති අතර එය අසාර්ථකවුවහොත් ප.ව 1.00 පසු නැවතත් විරෝධතාවයේ නිරතවන බව විරෝධතාකරුවා් පවසති. විරෝධතාවය හේතුවෙන් අපහසුතාවට පත්වන මඟීන්ට කල්වේලා ඇතිව ගුවන්තොටුපලට පැමිණෙන ලෙස විරෝධතාකරුවෝ ඉල්ලා සිටිති.