FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන මැතිවරණය කල්යන ලකුණු?

ලබන මාර්තු 31 වැනිදාට පෙර පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය ජූලි මාසය දක්වා කල් යනු ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

මේ වන විට පළාත් පාලන සීමා නිර්ණය කර ඇති ආකාරය ගැන බරපතළ ගැටලූ ඇති බැවින් එම ගැටලූ නිරාකරණය කර ගැනීමට අතිරේක මාස 3ක කාලයක් ගතවනු ඇති බව ආණ්ඩුවේ මතයයි.

නව ක‍්‍රමය යටතේ මෙම මැතිවරණ පැවැත්වීමට තීරණය කිරීම නිසා සීමා නිර්ණය අවසන් කර ජූලි මාසයේදී මැතිවරණය පැවැත්වීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුවී තිබේ.