FAST NEWS

24×7 Around the Globe

එජාප පාක්ෂිකයන්ගේ ගැටලු සඳහා විශේෂ ඒකකයක්.

එක්සත් ජාතික පාක්ෂිකයන්ට ඇතිවන ගැටලු පිළිබඳව දැනුම්දීමට සහ අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත මූලස්ථානයේ විශේෂ පැමිණිලි ඒකකයක් ස්ථාපිත කර තිබේ.

සතියේ දින 05 තුළම මෙම ඒකකයට පැමිණිලි හා අදහස් යෝජනා ඉදිරිපත් කළ හැකි අතර, එම ඒකකය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු විසින් මෙහෙයවනු ලබයි. ඒකකයට ලැබෙන පැමිණිලි අදාළ අංශ වෙත ඉදිරිපත් කර විසඳුම් ලබාදීමටද වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි පක්ෂ මූලස්ථානය සඳහන් කරයි.