FAST NEWS

24×7 Around the Globe

පෙරටුගාමී කුමාර් යළි රිමාන්ඩ්.

ආගන විගමන නීති රීති උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ මධ්‍යම කාරක සබික කුමාර් ගුණරත්නම් මහතා අද දින (18) පස්වන වරට කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කලේය.

වැඩ බලන මහේස්ත්‍රාත් මාලනී ජයවර්ධන මහත්මිය මෙම මස 30 වන දින දක්වා සැකකරු යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළ අතර පැමිනිල්ල වෙනුවෙන් කෑගල්ල පොලීසිය ඉදිරිපත් වූ අතර විත්තිපාර්ශවය වෙනුවෙන් අජිත් කුමාර,රුක්මල් බංඩාර ඇතුළු නීතිඥවරු පෙනී සිටියහ.

කුමාර් ගුණරත්නම් මහතා නොවැම්බර් මස 4 වන දින කෑගල්ල අගුරුවැල්ල ප්‍රදේශයේ දී කෑගල්ල පොලිසිය විසින් අත්තඩංගුවට ගෙන තිබෙයි.