FAST NEWS

24×7 Around the Globe

ඇවන්ට්ගාඩ් නැව මුදා හරින ලෙස අධිකරණ නියෝගයක්.

ගාල්ල වරායේ නවතා ඇති ඇවන්ට්ගාඩ් නැව වහාම මුදා හරින ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ඊයේ (17) නියෝග කළා ය.

මෙම නැව මුදාහරින ලෙස ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය මීට කලින් ද නියෝග කර තිබුණ ද එය ක්‍රියාත්මක නොවුණි.

එබැවින් එම නැව අයිති සමාගමවන සිලෝන් ශිපින් සමාගම මෝසමක් ඉදිරිපත් කරමින් නැව මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඒ අනුව වරාය ස්ථානාධිපතිවරයා ද (Harbour Master) අධිකරණයට කැඳවා තිබූ අතර ඔහුට දැඩි ලෙස අවවාද කර නැව මුදා හරින ලෙස නියෝග කර ඇත.

ආයුධ සහිත නැව ඉතා අබලන් තත්ත්වයේ පවතින බැවින් වෙනත් නැවකට මාරු කිරීමට අවසර ඉල්ලා සිටිය ද මේ දක්වා එය ක්‍රියාත්මක වී නොමැත.