FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වසර පහකට වරක් වාහන බලපත්‍රය දෙනවා – ඇමති රාජීත

රජයේ සේවකයන්ට වසර දහයකට වරක් වාහන බලපත්‍ර ලබාදුන්නද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වසර පහකට වරක් වාහන බලපත්‍රය ලබාදීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

ඊයේ (17) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වසර පහකට වරක් පත්වන බැවින් මෙම තීරණය ගත් බවත්, එහිදී නවක පැරණි සියලු මන්ත්‍රීවරුන්ට වසර පහකට වරක් වාහන බලපත්‍ර ලබාදෙන බවත් අමාත්‍යවරයා කීය.

රාජ්‍ය නිලධාරීන්ට වඩා මන්ත්‍රීවරුන් කාර්යබහුල බැවින් එලෙස වසර පහකට වරක් බලපත්‍ර ලබාදීම සාධාරණ බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.