ඊ.පී.ඩී.පී සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්ද මහතා ඇතුළු සාක්ෂිකරුවන් අට දෙනෙකුට ලබන ජනවාරි 18 වැනිදා චෙන්නායි අධිකරණයේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කර තිබේ.
ඔහු ඇතුළු එම පක්ෂයේ සාමාජිකයන් 1986 වසරේදී දිපවාලී උත්සවයක් අතරතුර චෙන්නායි වැසියන්ට වෙඩි තබා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෙන්නායි අධිකරණයේ නඩුවක් විභාගවෙයි.
මීට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණ භාරයේ රඳවා සිටි අතර ඇප මත නිදහස් කර තිබේ.
ඇප ලැබුණු ඇතැම් සැකකරුවන් පළාගොස් සැඟව සිටින බවද චෙන්නායි පොලීසිය කියයි.
ඒ අනූව නඩු විභාගය දෙකට බෙදා ඩග්ලස් දේවානන්ද මන්තී‍්‍රවරයාට වෙනම නඩු විභාගයක් ද දැනට අතුරුදන්ව සිටින සැකකරුවන්ට වෙනම නඩු විභාගයක් ද පවත්වන්නැයි නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.







