FAST NEWS

24×7 Around the Globe

බ්‍රසීලය තුල වට්ස්ඇප් තහනම් කරයි.

පණිවිඩ යැවීම සහ ඇමතුම් ලබාගැනීමට බහුල ලෙස භාවිතා වන වට්ස්ඇප් ඇප් උපාංග බ්‍රසීලය තුල ක්‍රියාත්මක වීම පැය 48කට තහනම් කිරීමට එරට උසාවියක් විසින් නියෝග කර ඇතැයි වාර්තා වේ.

මෙම තහනම එරට වෙලාවේන් අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක විය.

බ්‍රසීලයේ සාවෝ පවුලෝ නගරයේ විනිසුරුවරයෙකු විසින් මෙම තහනම් නියෝගය නිකුත් කර ඇති නමුත් එම ඉල්ලීම සිදුකළ පුද්ගලයා හෝ ආයතනය කුමක්දැයි හෙළි කර නොමැත.

වට්ස්ඇප් ඇප් උපාංගය සීඝ්‍රයෙන් බ්‍රසීලය පුරා ප්‍රචලිත වීම නැවැත්වීමට එරට විදුලිසන්දේශ සමාගම් උත්සාහ කර ඇති අතර ඔවුන් පවසන්නේ ඒ හරහා ලබාදී ඇති දුරකතන ඇමතුම් ගැනීමේ පහසුකම පලානයක් නොමැති නීතිවිරෝධී සේවාවක් බවයි.

එමෙන්ම ජනතාව දුරකතන සේවා පහසුකම් ලබාගැනීම අඩුවීමට එය හේතු වී ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.