දිවිනැගුම’ දෙපාර්තමේන්තුව යළි ‘සමෘද්ධි’ දෙපාර්තමේන්තුව ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය- ඇමති රාජිත කියයි. වී ගොවීන්ට අමතරව පළතුරු හා අතිරේක බෝග වගා සඳහා ද පොහොර සහනාධාර ලබා දීමට රජය තීරණය කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේ, එම පොහොර සහනාධාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කළ බව ය.
මේ අනුව ලොකු ලූණු, සෝයා බොංචි, බඩ ඉරිඟු, මිරිස් හා අර්තාපල් යන බෝග සඳහා ද පොහොර සහනාධාරය ලබා දීමට නියමිත ය.
අමාත්‍යවරයා පැවසුවේ, අන්නාසි, පැපොල් හා කෙසෙල් යන පළතුරු බෝග සඳහා ද පොහොර සහනාධාරය ලබා දෙන බව ය.
කෙසේ වෙතත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පැවසුවේ, පොහොර සහනාධාරය කප්පාදු කිරීමට එරෙහිව අඛණ්ඩව විරෝධය පළ කරන බව ය.







