FAST NEWS

24×7 Around the Globe

2016 අයවැය සශෝධනයෙන් මීලියන 7000ක වෙනසක්.

2016 අයවැය යෝජනාවලිය වෙනුවෙන් මේ වනවිට සිදු වූ සංශෝධන හේතුවෙන් රුපියල් මිලියන 7000 ක වෙනසක් සිදුව ඇතැයි මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඊයේ (16දා) පාර්ලිමේන්තුවට දැන්වීය.

එනමුදු අයවැය මගින් යෝජනා කළ සංවර්ධන වියදම් හෝ සහනාධාර වියදම් කිසිවක් අඩු නොකරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම ජනාධිපතිවරයා බීර බදු ඉහළ දැමීම නිසා ආණ්ඩුවේ ආදායම රුපියල් මිලියන 200කින් වැඩි වී ඇති බවත්, මෙම සියලු සංශෝධන ඇතුළත් කර අනිද්දාට (19දා) පෙර අයවැය වෙනස පියවාගන්නා ආකාරය පාර්ලිමේන්තුවට දැනුම්දෙන බවත් රවි කරුණානායක මහතා කීය.

කාරක සභා විවාදය පැවැත්වෙන මෙම අවස්ථාවේ රටට හිතකර සංශෝධන තිබේ නම් ඉදිරිපත් කරන ලෙසත්, ඒවා අයවැයට එකතු කළ හැකි බවත් මුදල් අමාත්‍ය රවි කරුණනායක මහතා බන්දුල ගුණවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම මෙම සියලු සංශෝධන පිළිබඳව මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කළ බවද අමාත්‍යවරයා කීය.