FAST NEWS

24×7 Around the Globe

කෙහෙළිය ජනපති කොමීසමට.

හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද බරපතල වංචා හා දුෂණ චෝදනා පිළිබඳ ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබේ.

ඒ ඉකුත් ජනාධිපතිවරණ සමයේ ස්වාධින රූපවාහිනි සේවයේ දේශපාලන දැන්වීම් ප්‍රචාරය කිරීමට අදාළව සිදුව ඇති මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමට ය.

මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් අද දිනයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද කොමිසම හමුවට කැඳවා තිබේ.

ජනාධිපති කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරුන් කොමිසම හමුවේ පෙනී සිටින බව ය.

ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ද කොමිසම හමුවට පැමිණ ඇති බව ඔහු සඳහන් කළේ ය.