FAST NEWS

24×7 Around the Globe

මහනුවර මහ නගර සභාවේ 25 වන පුරපති දිව්රති.

මහනුවර මහ නගර සභාවේ 25 වන පුරපති ලෙස සේන දිසානායක අද මධ්‍යම පළාත් ප්‍රධාන ඇමති සරත් ඒකනායක ඉදිරියේදී දිවුරුම් දෙනු ලැබීය.

මහනුවර පුරපති ලෙස කටයුතු කළ මහේන්ද්‍ර රත්වත්තේ මහනුවර විෂ්ණු දේවාළයේ බස්නායක නිළමේ තනතුරට ඉදිරිපත්වීම සඳහා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීම නිසා අදාළ ධූරය පුරපුපාඩු විය.

ඒ සඳහා පත්වූ සේන දිසානායක නියෝජ්‍ය නගරාධිපති ලෙස කටයුතු කරමින් සිටි අතර හෙතෙම වසර 30 කට වැඩි කාලයක් නගර සභාව නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකි.