FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමති විමල්ව අගය කරමීන් ඇමති සජීත්ගෙන්ඇමති සජීත්ගෙන් පාර්ලිමෙන්තුවේදි ප්‍රකාශයක්.

විමල් වීරවංශ විෂයභාර අමාත්‍යවරයා ලෙස සිටියදී හඳුන්වාදුන් ජාතික නිවාස ප්‍රතිපත්තිය ඉදිරියටද ක්‍රියාත්මක කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අද (16) පැවසීය.

එසේම විමල් වීරවංශ මහතා හඳුන්වාදුන් අදාළ ජාතික නිවාස ප්‍රතිපත්තිය ඉතාම වැදගත් එකක් බව සජීත් ප්‍රේමදිස මහතා මෙහිදි වැඩි දුරටත් අවධාරණය කළේය.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයට අදාළ කාරකා සභා අවස්ථාවේ විවාදයේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර සිටියේ අදාළ ප්‍රතිපත්තියේ ඇති ඌනතාවන් හා අඩුපාඩු මගහරවා ගනිමින් ගුණාත්මක, හරාත්මක හා ධනාත්මක කරුණු ඉදිරියට ගෙන යන බවය.

“නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය ඉදිරි දැක්මක් සහිතව ක්‍රියාකරමින් සිටිනවා. පීටර් කේනමන් මහතාගේ සිට විමල් වීරවංශ අමාත්‍යවරයා දක්වා සියලු අමාත්‍යවරුන් නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා අඩු වැඩි වශයෙන් උත්සහ දරා තිබෙනවා. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ යුගය නිවාස ක්ෂේත්‍රෙය් ස්වර්ණමය යුගය බව” අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.