වැය ශීර්ෂ සලකා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.
ඒ තෝරා ගත් අමාත්‍යාංශ කිහිපයක පමණයි.
එම වාර්තාව අද මැතිසභයට ඉදිරිපත්කළේ එහි සභාපති අමාත්‍ය මහින්ද සමරසිංහ විසිනි.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ අමාත්‍යාංශ 17 ක් පිළිබදව මෙම විශේෂ කාරක සභාව සලකා බැලූ බවයි.
එහිදී අමාත්‍යවරුන්ට අමාත්‍යාංශවලට සම්බන්ධ නිලධාරින් සමඟ සංවාදශීලිව ඉදිරි කටයුතු සාකච්ඡා කිරීමට හැකිවූ බව ද ඔහු පැවසීය.







