FAST NEWS

24×7 Around the Globe

විද්‍යා දැරිය ඝාතනය සිද්ධියට සම්බන්ධව තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට.

යාපනය – කයිට්ස් – පුංකුඩුතිව් ප්‍රදේශයේදී ශිවලෝගනාදන් විද්‍යා දැරිය අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් එක් සැකකරුවෙකු කයිට්ස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඔහු යාපනය – කයිට්ස් ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකු බවයි. වැඩිදුර පරීක්ෂණ සඳහා අදාල සැකකරු රහස් පොලීසිය වෙත භාරදී තිබෙනවා.

මේ අතර විද්‍යා දැරිය අපයෝජනය කර ඝාතනය කළ බවට චෝදනා එල්ල වී සිටින සැකකරුවන් 9 දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතවයි පසුවන්නේ.

පසුගිය මැයි මස 13 වැනිදා උදෑසන පාසල් යන අතරතුර දී මෙම සිසුවිය පැහැරගෙන ගොස් අපයෝජනය කර ඝාතනය කර තිබුණා.